පස් කඳු නාය යෑමෙන් ප්‍රදේශ රැසකට පීඩා - විමසිල්ලෙන් පසුවෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලයි

Published in පුවත්
Wednesday, 22 November 2023 09:27

නුවර - කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ වෙළෙඳසැල් 04ක් මතට පස් කන්දක් කඩා වැටී සිදුවූ නායෑමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම වෙළෙඳසැලේ සිටි පුද්ගලයෙකු ඊයේ (21) රාත්‍රී සිදුවූ නායෑමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.

අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මෙම ස්ථානය මීට පෙරද නායයෑමක් සිදුවූ ස්ථානයක් බැවින් වෙළෙඳසැල් හිමියන්ට ඉවත්වන ලෙස දැන්වූ බවය.

කේසේ වෙතත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවීම හේතුමෙන් මෙම අනතුර සිදුව තිබේ.

තව ද බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයේ පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

පස් සහ ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය සම්පුරණයෙන්ම අවහිර වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

මේ අතර පස්සර - නමුනුකුළ හරහා ඇල්ලට යන මාර්ගයේ කනවරැල්ල කි.මී.16 කණුව හා කි.මී 20 කනුව අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ඊයේ (21)පස්වරුවේ පැවැති අධික වර්ෂාව සමඟ පස් ගල් හා ගස් කඩාවැටී අවහිර වී තිබීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනය මුළුමනින්ම ඇනහිට ඇති බව වාර්තාවේ.

එමෙන්ම කටුගස්තොට ගන්නෝරුව ප්‍රධාන මාර්ගයේදී වරාතැන්න ප්‍රදේශයේ විශාල ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇනහිට තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පස්සර පොලීසිය ජනතාවට දැනුම් දී ඇත.

රන්ජනා

Last modified on Wednesday, 22 November 2023 09:27

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us