සිසුන් 07කට ලන්ෂීට් කැවූ විදුහල්පතිට ස්ථාන මාරු

Published in පුවත්
Thursday, 23 November 2023 08:45

නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ එකොළොස් වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් තම ආහාර රැගෙන ආ ලන්ච් ෂිට් සහ පත්තර පිටු එම පාසලේ විදුහල්පතිවරයා විසින් සිසුන්ට කවා ඇති බව දෙමාපියන් චෝදනා කරඇති බවට වාර්තාවේ.

එම සිද්ධියට මුහුණ දුන් සිසුන් දෙදෙනකු නාවලපිටිය රෝහලට ඇතුළත් කර  ඇති අතර ඔවුන්ගේ උදරයේ අපහසුතා ඇති වීම සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇති බවට රෝහල් ආරංචිමාර්ග පවසයි.

එයට මුහුණ දුන් සිසුන් ආහාර ලබා ගැනීමෙන් පසු අදාළ ලන්ච් ෂිට් සහ ආහාර ඔතාගෙන පැමිණි පත්තර පිටු යළි බෑග් තුළටම දමාගෙන ඇතත් එම ස්ථානයට පැමිණි විදුහල්පතිවරයා ලන්ච් ෂිට් සහ පත්තර පිටු බෑග් වලින් ඉවතට ගෙන සිසුන් 7 දෙනෙකුට ඒවා අනුභව කරන ලෙස පවසා ඇත.

මේ පිළිබදව නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් සඳහන් වේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවටයි.

ඊයේ දිනයේ දීම තමා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අමතා තොරතුරු ලබා ගත් බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ඒ අනුව පස්බාගේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇති බවත් අමාත්‍යවරයා එම පරීක්ෂණ කටයුතුවල පහසුව වෙනුවෙන් මෙලෙස අදාළ විදුහල්පතිව ස්ථාන මාරු කර ඇති බව පැවසීය.

Last modified on Thursday, 23 November 2023 11:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us