අර්ජුනගේ ප්‍රකාශය ගැන ජනපති කණගාටුව ප්‍රකාශ කරයි

Published in පුවත්
Thursday, 23 November 2023 12:45

ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පසුගියදා ක්‍රිකට් සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බව ජනාධිපති වික්‍රමසිංහ පවසා ඇත.

ඉන්දියාවේ ෆස්ට් පෝස්ට් වෙබ් අඩවියේ යූ ටියුබ් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ පවසා තිබේ.

අර්ජුන රණතුංග පසුගියදා චෝදනා කළේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා මෙරට ක්‍රිකට් පාලනය කරන බවයි. එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝදෙනෙක් විමතියට පත්වූහ.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවේදි කියා සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය නොකරන බවත් ,එම ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බවත් ය. තවද ජනාධිපති වික්‍රමසිංහ පැවසුවේ, ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයාට එම ගැටලුව ගැන කතා කළ බවයි.

"ඔවුන් හිතන්නේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරන බවයි. මම ෂා ට කතා කළා, කනගාටුව ප්‍රකාශ කළා ඔහුගේ නම මේ ප්‍රශ්නයට ඈඳීම ගැන..."

"මගේ ස්ථාවරය තමයි නීත්‍යානුකූල පාර්ශ්වයට මම සහාය දෙනවා. ඒ මේ කණ්ඩායම නම් ඔවුන්ට මගේ සහාය ලැබෙනවා. එසේම නීත්‍යානුකූල කණ්ඩායම අනෙක් අය නම්, මම ඔවුන්ට සහාය දෙනවා. නීත්‍යානුකූල වන්නේ තුන්වැනි කණ්ඩායමක් නම් මම සහාය වන්නේ ඔවුන්ට. එය මම නොවෙයි තීරණය කරන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්...."

 

-P.M

 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us