2023 අයවැය යෝජනාවලින් 86%ක් ක්‍රියාත්මකයි -  මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Published in පුවත්
Thursday, 23 November 2023 17:07

2023 අයවැය යෝජනා අතරින් 86%ක් මේ වන විට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒවා අතර මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක අතර ඇතැම් යෝජනා වසර ගණනක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27 (2) යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අද පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

2023 වසර සඳහා ඉදිරිපත් වූ අයවැය යෝජනා සංඛ්‍යාව 120 ක් වන අතර ආදායම් යෝජනා 29ක්, වියදම් යෝජනා 30ක් සහ ප්‍රතිපත්තිමය යෝජනා 61ක් වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේය. ඉන් ආදායම් යෝජනා 24ක් සහ ප්‍රතිපත්ති යෝජනා 17මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන අතර ආරම්භ කර ක්‍රියාත්මක යෝජනා සංඛ්‍යාව 62ක් බවත් ඊට ආදායම් යෝජනා 5ක්, වියදම් යෝජනා 27ක් සහ ප්‍රතිපත්ති යෝජනා 30ක් ඇතුළත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව සමස්ත අයවැය යෝජනා අතරින් 86% අවසන් කර හෝ ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා පැවැසීය.

මේ අතර අයවැය යෝජනා 17ක් මෙතෙක් ක්‍රියාත්මක නොමැති අතර ඊට අදාළ අමාත්‍යාංශවලින් ඊට හේතු විමසීමට කටයුතු කරන බව ද හෙතෙම පැවැසීය. තාක්ෂණික ඌණතා, මානව සම්පත් ඌණතා සේම නෛතිකමය ගැටලු ද ඒවා හේතු විය හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us