රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ජනවාරියේ සිටම ලැබෙන ලකුණු ! Featured

Published in පුවත්
Friday, 24 November 2023 11:02

එළැඹෙන ජනවාරී මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රු 5000 බැගින් දීමනාවක් ගෙවීමට හැකි බවට මුදල් අමත්‍යංශයේ පැවැති සාකච්ඡාවක්දී හෙළි වී ඇති බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

මෙවර අය වැයෙන් රාජ්‍ය සේවක වැටුපේ ජීවන අංක දීමනාවට වැඩි කළ රුපියල් 10,000 ක දීමනාව හා විශ්‍රාමිකයන්ට වැඩි කළ රු 2,500 දීමනාව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවීමටත් හිඟ මුදල වාරික වශයෙන් මාස 6ක් තුළ ගෙවීමටත් යෝජනා වී තිබුණි.

පසුගියදා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ රටේ මුල්‍ය තත්වය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක්දී මේ බව හෙළි වී ඇත. මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති ලේකම් සමන් එ්කනායකගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආදායම් තත්වය දෛනිකව වාර්තා කිරීම වෙනුවෙන් පත්කර තිබෙන කමි‍ටු සාමාජිකන් රැස්වී මේ පිළිබඳව දීර්ග වශයෙන් සාකච්ඡා කර තිබිණි. ඒ අනුව ජනවාරී මාසයේ සිටම රාජ්‍ය සේවකයන්ට රු 5000 බැගින් සහ විශ්‍රාමිකයන්ට මුළුමනින්මත් යෝජිත දීමනාව ගෙවීමට හැකි බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය අශු මාරසිංහ පෙන්වා දී ඇති අතර රාජ්‍ය මුදල් ඇමැතිවරුන් වූ රංජිත් සියඹලාපිටිය හා ශෙහාන් සේමසිංහ යන ඇමතිවරුන්ද එය අනුමත කර ඇතැයි දැනගැනීමට තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us