දුම්රිය ආසන වෙන්කිරීමේදී මගී පහසුව සදහා නව ඩිජිටල් ක්‍රමවේදයක්

Published in පුවත්
Friday, 24 November 2023 10:21

දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වාදුන් බවත් ඒ අනුව RDMNS.LK දුරකථන යෙදවුම නවතම විශේෂාංගය රැසකින් සමන්විත කර ඇති බවත් එම දෙපාර්තමේතුවේ සදහන් කරයි.

මෙම විශේෂාංගය ආසන වෙන් කිරීමේ දුම්රියන් පිළිබඳ සියලු තොරතුරු ඉතා පහසුවෙන් දැනගත හැකි ආකාරයට නිර්මාණය කර ඇති අතර දුම්රිය මැදිරි තුළට පිවිස නැරඹීමේ හැකියාව, ආසන වෙන් කිරීමේ ගාස්තු, දුම්රිය මැදිරිවල ඡායාරූප, ආසන වර්ග, ආසන අංක, එක් එක් ක්‍රමවේද ඔස්සේ ආසන වෙන් කිරීමේ උපදෙස්, වීඩියෝ දර්ශන, නිතර අසන ප්‍රශ්ණ සහ දුම්රිය කාලසටහන වැනි තොරතුරු රැසක් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පරිශීලනය කර පහසුවෙන් ලබාගත හැකිවන අයුරින් නිර්මාණය තිබේ.

ඊට අමතරව RDMNS.LK ජංගම දුරකථන යෙදවුම හරහා සජීවී දුම්රියන් තිබෙන ස්ථානය, සජීවී ප්‍රමාදය සහ ඒ අනුව ඉදිරියට ඇති දුම්රිය ස්ථාන සඳහා ලඟාවීමේ අපේක්ෂිත වේලාවන්, සජීවී පුවත් ඇතුළු දුම්රිය සම්බන්ධ සේවා රැසක් ලබාගැනීමේ හැකිය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us