C.D වික්‍රමරත්නගේ හතරවන සේවා දිගුවත් අවසන්

Published in පුවත්
Saturday, 25 November 2023 11:18

පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ C.D වික්‍රමරත්න මහතාට ලබා දී තිබූ හතරවන සේවා දිගුව ඊයේ(24) දිනයෙන් අවසන් විය.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය පවතින්නේ පොලිස්පතිවරයෙකු නොමැතිවය.

කෙසේ වෙතත්, ඊළඟ පොලිස්පතිවරයා කවුරුන් ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

ඔහු විශ්‍රාම ගිය ද නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට නොහැකි වීම නිසා පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයේය.

ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් විය. එම අවස්ථාවේ දී ද පොලිස්පති ධුරය සඳහා කිසිවෙකුත් පත් නොකළේ ඒ සඳහා පැවති තරගය නිසා බවටද අදහස් පැතිර තිබිණි.

ඉන් අනතුරුව ඔහු ට යළි මාස තුනකට සේවා දිගුවක් ලබා දුන් අතර, එම දෙවන සේවා දිගුව ඔක්තෝම්බර් මස 09 වනදා අවසන් විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුවත් නව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට අපොහොසත් වීම නිසා C.D වික්‍රමරත්න මහතාට එදින සිට යළි සති තුනක සේවා දිගුවක් ලබා දි ඇත.

ඒ අනුව එම සේවා දිගුව නොවැම්බර් මස 02වන දින අවසන් වූ අතර ඉන් පසුව ද නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීම ට බලධාරීන් සමත් නොවීය.

අනතුරුව නොවැම්බර් මස 03වන දින සිට යළි සති තුනක සේවා දිගුවක් ඔහුට ලබා දුන්නේය.

කෙසේ නමුත් පසුගියදා පොලිස්පතිපති කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා චෝදනා කළෙ ව්‍යවස්ථාදයක් සභාවේ කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා මෙම අර්බුදය ඇති වී තිබෙන බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us