බණ්ඩි පොහොර (MOP) මිළ පහළට

Published in පුවත්
Monday, 27 November 2023 08:42

මහ කන්නයේදී ගොවි ජනතාවට ලබාදෙන බණ්ඩි පොහොර (MOP) මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව රුපියල් 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 9000 දක්වා අඩු කර ඇත.

මේ සඳහා තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබීම ගොවි ජනතාවගේ ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් කටයුතු කළ ජනාධිපතිතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට සිය ස්තූතිය පිරිනමන බවත් ඇමැති අමරවීර කියයි.

රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් එම මිලට බණ්ඩි පොහොර ලබා දීම කඩිනමින් සිදු කරනු ඇති බවද අමරවීර අවධාරණය කරයි.

පසුගිය යල කන්නයේ වගා හානි වන්දි පිරිනැමීම වෙනුවෙන් ඊයේ (26) ඇඹිලිපිටියේ දී පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඇමැතිවරයා විසින් මෙම අනාවරණය සිදු කරන ලදී.

යල කන්නයේදී වලව කලාපයේ වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි සඳහා ඊයේ (26) රුපියල් ලක්ෂ 1000ක මුදලක් රජය විසින් පිරිනමනු ලැබීය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us