වැඩි වීම මදි ! රු.20,000 කින් වැඩි කරන්න ඕන! වෘත්තීය සමිති අද විරෝධතාවක…

Published in පුවත්
Monday, 27 November 2023 08:56

රාජ්‍ය සේවකයින් සඳහා අවම 20,000 ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දෙන්නැයි රජයට බලකරමින් අද(27) දිනයේ ජාතික විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පවසයි.

එහි සම්බන්ධීකාරක චන්දන චන්දන සූරියආරච්චි පැවසුවේ වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුප සඳහා රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් 8% ක් ගැනීමට අයවැයෙන් කළ යෝජනාවටද තමන් විරෝධය පලකරන බවයි.

මේ අතර එළැඹෙන ජනවාරී මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රු 5000 බැගින් දීමනාවක් ගෙවීමට හැකි බවත්, විශ්‍රාමිකයන්ට මුළුමනින්මත් යෝජිත දීමනාව ගෙවීමට හැකි බවත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය අශු මාරසිංහ පසුගියදා පැවසුවේය.

මෙවර අය වැයෙන් රාජ්‍ය සේවක වැටුපේ ජීවන අංක දීමනාවට වැඩි කළ රුපියල් 10,000 ක දීමනාව හා විශ්‍රාමිකයන්ට වැඩි කළ රු 2,500 දීමනාව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවීමටත් හිඟ මුදල වාරික වශයෙන් මාස 6ක් තුළ ගෙවීමටත් යෝජනා වී බවද ඔහු අනාවරණය කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us