මන්ත්‍රීවරුන් 09 කට එරෙහිව පෙත්සම් 6ක් විභාග කිරීමට ආචාරධර්ම කමිටුව දින 3ක් රැස්වේ

Published in පුවත්
Monday, 27 November 2023 09:22

 පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව එහි සභාපති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) සිට දින තුනක් රැස්වීමට නියමිතව තිබේ.

විනය විරෝධි ලෙස හැසිරුණු බව කියන මන්ත්‍රීවරුන් 09 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් 6ක් විභාග කිරීම සඳහා මෙලෙස වරප්‍රසාද කමිටුව අද, හෙට (28) සහ අනිද්දා (29) යන දිනවල රැස්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවට දැනුම් දී තිබුණේ අදාළ පැමිණිලි මෙම සතිය තුළ විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදෙමින් විභාග කරන ලෙසයි.

ඒ අනුව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා අතර සිදුවු සිද්ධිය, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයාට තර්ජනය කිරීම සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට ඇති පැමිණිල්ල මෙලෙස විභාගයට ගැනීමට නියමිතය.

එමෙන්ම සනත් නිශාන්ත මන්ත්‍රීවරයා, විපක්ෂනායක සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මෙන්ම අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල ද මෙහිදී විභාගයට ගනු ඇත.

මෙම සිද්ධීන් පිළිබඳ කඩිනමින් විමර්ශනය කර අයවැය අවසන් වීමට ප්‍රථම තමා වෙත ඉදිරිපත් කරන ලෙස කථානායකවරයා දැනුම් දී ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us