හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට...

Published in පුවත්
Monday, 27 November 2023 09:27

චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව අද (27) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එහි ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවය.

අමාත්‍යවරයා පවසා සිටියේ සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත තෙල් පිරිපහදුව, අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක් වන අතර ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් හෙට (28) දිනයේ සිදුකිරීමට අපේක්ෂා කරන බවය.

 බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

"හම්බන්තොට නව පිරිපහදුවක් වෙනුවෙන් පිලාස කැඳවීම් කටයුතු කළා. ඒ අනුව අධ්‍යයන කටයුතු අවසන් කරලා  තෝරා ගැනීමට ලක්කරේ සයිනොපෙක් සමාගම. මේ සමාගමට අවශ්‍ය ගිවිසුම් ගතවීම් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට අනුමැතියට දැන් ඉදිරිපත් කරලා තියෙනවා. පසුගිය බදාදා කැබිනට් අනුකමිටුව සඳහා අනුමැතිය ලබාදීලා තියෙනවා. එන සඳුදා න්‍යාය පත්‍රයේ අවසාන තීන්දුව වෙනුවෙන් යොමුකරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාදා වෙනවිට මේ පිළිබඳව නිල වශයෙන් ගිවිසුම් ගත වීමේ කටයුතු කරන්න. මෙය ලංකාවට එකතු වෙන බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රධානතම ආයෝජනය බවට පත්වෙයි. අඩුම තරමේ අපි බලාපොරොත්තු වෙනවා අමෙරිකානු ඩොලර් බිලියන 4.5 - 5ක ආයෝජනයක් සමග අපනයනය කේන්ද්‍ර කරගත් අපේ රටේ අවශ්‍යතාවයන්වලටත් ආයෝජනයක් බවට පත්වෙන්න."  යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us