අත් ඔරලෝසුවේ සැඟවූ මත්කුඩු

Published in පුවත්
Monday, 27 November 2023 10:58

ඔලුබොඩුව ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සිදුකළ පරික්ෂාවේදී මත්කුඩු ප්‍රවාහනය කරන අලුත් ක්‍රමයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.

 

සැකකරු හෙරොයින් මත්කුඩු පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන දැඩි පරීක්ෂාවට ලක් කළත් මත්කුඩු සොයාගැනීමට නොහැකි වී තිබේ.

පසුව ඇති වු සැකයක් මත පැලඳ සිටි අත්ඔරලෝසුවේ පිටුපස කවරය ගලවා සිදුකළ පරීක්ෂාවේදී ඒ තුළ මත්කුඩු පැකට තුනක් ඉතා සූක්ෂමව අසුරා තිබිය දී සොයාගැනීමට සමත් වූ බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් වන අතර, ඔහු මෙලෙස මත්කුඩු පැකට් විවිධ ප්‍රදේශවලට බෙදාහැර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම සැකකරු කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක කළමනාකරු ලෙස සේවය කරන අයෙක් බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us