එල්ටීටීඊය සිහිපත් නොකර ‘මහවිරු දිනය’ සමරන්න අවසර

Published in පුවත්
Monday, 27 November 2023 10:32

දෙමළ ඊලාම් විමුක්ති සටනේ අවසන් හුස්ම පොද දක්වාම සටන් කළ සටන්කාමීන් සැමරීම වෙනුවෙන් අද සවස මෙරට සහ විදේශයන්හි ගිනි සිළුවක් දල්වා උපහාර දැක්වීමේ වැඩසටහනක් දියත් වේ.

 

මේ වෙනුවෙන් මහවිරු දිනය සැමරීම සඳහා විරුවන්ගේ නිවෙස් සමරු උත්සව සඳහා අලංකාරවත් ලෙස සූදානම් කර ඇති අතර මාවීරර් තුහිල් නිවාසයේ සංවිධානය කෙරෙන උපහාර උත්සවවලදී පස්වරු 6.02 ට සීනුව නාද කර පස්වරු 6.05 ට ගිනිසිළුව දැල්වීමට නියමිතය.

මේ අතර විරු දින ගීත ද වාදනය වන බව විරු දින සංවිධායකයෝ පවසති. මේ අතර අද දින දෙමළ ඩයස්පෝරා සංවිධාන විසින්ද විදේශයන්හි මහවිරු දින උත්සව සැමරීමට ද කටයුතු සූදානම් කර තිබේ.

මුලතිව්, පුදුකුඩිරිපු, මුල්ලියාවෙල, ඔට්ටුසුට්ටාන්, මාන්කුලම්, මල්ලාවි සහ අයියන්කන්කුලම් යන පොලිස් ස්ථාන විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ මහවිරු දින සැමරුමට කටයුතු කරන 30කට අධික පිරිසකට එරෙහිව අධිකරණ නියෝග ද ලබාගෙන ඇත.

කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ සංවිධානය සිහිපත් නොකර ඔවුන්ගේ සටන් පාඨ භාවිතා නොකර කොටි සැමරීමට හැකි බවට ද අධිකරණය නියෝග කර තිබේ.එමෙන්ම මහවීර් දින උත්සව සංවිධායකයන් වෙත දන්වා ඇත්තේ රතු සහ කහ කොඩි නොඑසවන ලෙසත්, සමරු ආරුක්කුවල මරවීර් තුයිල් ඉල්ලම් යන නම සටහන් නොකරන ලෙසත්, නියෝග නිකුත් කර ඇත.

මුලතිව් නගර වෙරළ තීරයේ විශේෂයෙන් සංවිධානය කර ඇති මහවීර් දූයිලම් නිවස, ඉරනිපාල මහවීර් දූයිලුම් නිවස, දේවිපුරම් මහවීර් දූයිලම් නිවස, තෙරවිල්ලේ මහවීර් දූයිලුම් නිවස සහ අම්බලවන්පොක්කනෙයි චාල්ස් මණ්ඩපයේ දී මහවිරු දින උත්සව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කාර්ය සාධක බලකාය පවසයි.

පුදුකුඩිරිප්පු ප්‍රදේශය වසා දැමේ

දෙමළ මහවිරු දිනය නිමිත්තෙන් පුදුකුඩිරිපු වෙළෙඳ සංගමය විරුවන්ට උපහාර දැක්වීම සඳහා සුපුරුදු පරිදි සම්පූර්ණ වසා දැමීමක් සිදුකරන බව පුදුකුඩිරිපු වෙළෙඳ සංගමයේ සභාපති නවනීදන් මහතා පැවසීය. ඒ අනුව ෆාමසි හැර අනෙකුත් සියලුම වෙළදසැල් අද දිනයේ වසා තැබෙන බවයි ඔහු කියා සිටියේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us