ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

Published in පුවත්
Tuesday, 28 November 2023 13:49

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ද මේ බව ප්‍රකාශ කර තිබුණි.

සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් වේ. 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ  විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇත.

තව දමෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලවය. ඒ අනුව සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල එකඟතාව ද ඇති ව විභාග පවත්වන දිනට වයස අවුරුදු 40 දක්වා දීර්ඝ කරරාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිවබඳවා ගැනීමට අයදුම්පත් කැඳවාඑම විභාගය 2023-03-25 දිනට නියම කර තිබිය දී 2023-03-23 දින මෙම නිලධාරීන්ගෙන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනුකර විභාගය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් ගැනීම නිසා එම නඩුව තවමත් විභාග වෙමින් පවතී.

මෙම බඳවාගැනීමට බාධාවක් නොවන ලෙස මෙම නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය වී ඇත.

ඉන්පසු ගුරුවරුන් විශ්‍රාමයාම හා සේවය හැරයාම මත ඇති වූ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් බලධාරීන් කටයුතු කර ඇත. විද්‍යාගණිතවිදේශ භාෂා උපාධිධාරීන් බඳවාගැනීමට ගුරුසේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කර ඇත.

මෙම බඳවාගැනීම් මඟින් පුහුණුවන සංවර්ධන නිලධාරීන් බඳවාගැනීමට බලපෑමක් සිදුනොවේ.

එමනිසා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ව ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරනු ලැබේ. ”

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us