කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට චීන රජයෙන් ආධාර

Published in පුවත්
Tuesday, 28 November 2023 14:33

අඩු ආදායම්ලාභීන්කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම ගිවිසුමට ඊයේ (27) දින බත්තරමුල්ල නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්සන් තැබූ අතරචීන රජය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් යන අයයි.

වසර තුනක් තුළ ඉදි කිරීම් අවසන් කිරීමට නියමිත අතර නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්නිවාස 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන්කෙරෙන බවද සඳහන් වේ.

එහිදී,

පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්,

දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්,

මොරටුව බැටරි වත්ත නිවාස 575 ක්,

මහරගම අඹවත්ත නිවාස 112 ක්

කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක් වශයෙන් ඉදි කෙරෙන බව සඳහන් වේ.

මෙහි දී කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108 බවද සඳහන් වේ.

චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබා දෙන අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48ක්  බව වාර්තාවේ.

එමෙන්ම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග  සඳහන් කළේ ලබන මාර්තු මාසයේදී මේ නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙරට නිවාස ඉදිකිරීමට චීන රජය සමඟ ගිවිසුම් ගතවූ පළමු හා අවසන් අවස්ථාව මෙය නොවන බව පෙන්වා දුන් ඇමැතිවරයා චීනය හැමවිටම මෙරට ජනතාවගේ සමාජීය හා ආර්ථික ගැටලු සඳහා සහන සැලසීමට ඉදිරිපත් වූ බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය වෙනුවෙන්චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත් එරට ජනතාවටත් ස්තූතිය පළ කළ ඇමැතිවරයා චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කිරීමට මේ ව්‍යාපෘති ඉවහල් වන බවද පෙන්වා දුන්නේය. චීනය හැමවිටම ශ්‍රී ලංකාවේ මිතුරෙකි. ශ්‍රී ලංකාව මුහුණදුන් සෑම අසීරු අවස්ථාවකදීම චීන රජය සමීප මිතුරකු ලෙස ඒ සඳහා සහාය පළ කළ බවත්දශක තුනක් තිස්සේ මෙරට පැවැති යුදමය වාතාවරණය තුළත්ඉන් පසුවත් චීනය හැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු පැවසීය.

Last modified on Tuesday, 28 November 2023 14:35

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us