විභාග පැවැත්වෙන සහ ප්‍රතිඑල නිකුත් කිරීමට නිශ්චිත දිනයක්

Published in පුවත්
Wednesday, 29 November 2023 09:45

විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන දින නව අධ්‍යාපන ප්‍රතිපත්තියට අනිවාර්යයෙන් ඇතුළත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, බන්දුල ගුණවර්ධන පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙලෙස පවසා ඇත.

කෙසේවෙතත් අධ්‍යාපනයට සම්බන්ධ සියලු කරුණුවලට අවශ්‍ය විසඳුම් ද ඊට ඇතුළත් කර ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

තමා අධ්‍යාපන ඇමැතිවරයාව සිටි වකවානුවේදී රට සාමාන්‍ය තත්ත්වයේ පැවති බැවින් ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදි ප්‍රධාන විභාග 3හි ප්‍රතිඵල කඩිනමින් නිකුත් කළ බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත අධ්‍යාපන ජාලයම අවුලකට ඇදවැටුණු බවත් කියා සිටි ඒ මහතා ඉන්පසු විවිධ පාර්ශ්ව මඟින් විභාග පැවැත්වීම පිළිබඳ විවිධ මත දරමින් විවිධ ප්‍රචාරණයන්, උද්ඝෝෂණ සිදු කර උසාවි නියෝග ගැනීම් ආදිය හේතුවෙන් මේ අක්‍රමවත් තත්ත්වය ඇති වී යැයි ද කීවේය.

හැකි ඉක්මනින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා හා විභාග දෙපාර්තමේන්තුව උනන්දුවෙන් කටයුතු කරන බවත් විශේෂඥයන් 25 දෙනකුගෙන් යුතු කැබිනට් අනුකාරක සභාවක අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන නව ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us