මතට ඇබ්බැහිවුවන්ට අලුත් වැඩක්

Published in පුවත්
Wednesday, 29 November 2023 09:37

මතට ඇබ්බැහිවුවන්ට ඉදිරියේදී සිය කැමැත්ත පරිදි පොලිසි හා රෝහල් හරහා පුනරුත්ථාපනය සදහා යොමු වීමේ අවස්ථාව ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

පොලොන්නරුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීම සදහා ඊයේ(28) පැමිණි අතර එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

''මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව ඇති පුද්ගලයින්ට හා ඔවුන්ගේ ඥාතීන්ට පුනරුත්ථාපන වැඩ පිළිවෙළ පිළිබදව නිසි අවබෝධයක් නොමැති නිසා ඔවුන් මෙම වැඩ පිළිවෙළ සදහා යොමු වන්නේ නැහැ. ඒ නිසා රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුයි. මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සදහා මේ වන විට යොමු කරවන්නේ අධිකරණයෙන් පමණයි. එහෙත් මතට ඇබ්බැහිවන්ගේ හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්ත පරිදි පොලීසි හා රෝහල් මාර්ගයෙන් පුනරුත්ථාපනය සදහා යොමු වීමට අවශ්‍ය නීති සකස් කරනවා. පුනරුත්ථාපන ක්‍රියාවලිය සදහා වැඩි සංඛ්‍යාවක් මතට ඇබ්බැහිවුවන් යොමු කරවීම තුළින් බන්ධනාගාර තුළ පවතින තදබදය අඩු කර ගත හැකියි. විශේෂයෙන් පුනරුත්ථාපනය වන කාලය තුළ ලබා දෙන පුහුණුවීම් තුළින් ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගත හැකියි''

මේ වන විට මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරත්ථාපන කිරීමේ මධ්‍යස්ථාන තුනක් කන්දකාඩු, සේනපුර හා වව්නියාව ප්‍රදේශවල ස්ථාපිත කර තිබේ. වයස අවුරුදු 18 ත් 20 ත් අතර පුද්ගලයින් වව්නියාව මධ්‍යස්ථානය තුළත්, අවුරුදු 22 සිට 36 දක්වා පුද්ගලයින් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ හා වයස අවුරුදු 36 ට වඩා වැඩි පුද්ගලයින් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පුනර්ථාපන ක්‍රියාවලිය සදහා යොමු කර ඇත.

පුනරුත්ථාපන ක්‍රියාවලිය සදහා යොමුවන කාලය තුළ ඔවුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සදහා වැඩ සටහන් මෙන්ම විවිධ පුහුණුවීම් සදහා යොමු කරලීම සිදු කරනු ලබයි. එම කාලය තුළ ආපදා කළමණාකරණය, ප්‍රථමාධාර,ජීවිතාරක්ෂක, පරිසර ආරක්ෂණය , වෘත්තිය පුහුණු අවස්ථාවන් වැනි විවිධ පාඨමාලාවන් හැදෑරීමේ පහසුකම් සපයා ඇති අතර, පුහුණුවීම් අවසානයේ සහතික පත්‍ර ලබාදීම සිදු වේ.

 

-P.M

මේ වන විට මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව සිටින කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සදහා වැඩ කටයුතු වව්නියාව මධ්‍යස්ථානය තුළ සැලසුම් කර ඇත. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 520 දෙනෙකු පුනරුත්ථාපනය වන අතර ඉන් වැඩිම සංඛ්‍යාව පුද්ගලයින් 232 ගම්පහ දිස්ත්‍රික්කයෙන් යොමු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us