වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රමුඛතා ලැයිස්තුව

Published in පුවත්
Wednesday, 29 November 2023 15:35

ශ්‍රී ලංකා ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවය ඉදිරියට ගෙනයන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා (වැඩබලන) පවසයි.
පොලිස්පතිවරයා පවසා සිටියේ,

‘‘මමත් අවුරුදු 25ක පමණ කාලයක් පොලීසියේ විවිධ තනතුරු දරපු නිලධාරියෙක්. ඉතින් අපිට අත්දැකීම් තිබෙනවා. මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙන් එක තියෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කරන කාර්යයන්. දෙවැනි ප්‍රමුඛතාව මේ රටේ මත්ද්‍රව්‍ය තත්ත්වය තුරන් කිරීම. අද ගම්වල වගේම පාසල් දරුවන්ටත් මේක විශාල ගැටලුවක් වෙලා තිබෙනවා මේ හැමතැනම පැතිරිලා තිබෙන මත්ද්‍රව්‍ය. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රමුඛතාවයක් සහ මගේ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම සංවිධානාත්මක අපරාධවලින් ඇතිවෙලා තිබෙන තර්ජනය. කප්පම් වගේ දේවල් සම්බන්ධව ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ.

මගේ සේවා ලබාගත්තු අය දන්නවා මම කොහොමද ක්‍රියා කළේ කියලා. මා සමග වැඩ කළ නිලධාරීනුත් ඒක දන්නවා. දැන් මගේ ක්‍රියාවෙන් ඒක දැකගන්න පුළුවන් වෙයි.”

යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us