විදේශ රැකියා ගැන ක්ෂණිකව දැනගන්න අවස්ථාවක් !  

Published in පුවත්
Wednesday, 29 November 2023 15:38

විදේශ රැකියා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවිය යාවත්කාලීන කර ජනගත කිරීම පසුගිය දා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් සිදුවිය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීම හා ලියාපදිංචිය අලුත් කිරීම, රැකියා බැංකුවේ ලියාපදිංචි කිරීම, නව විදේශ රැකියා අවස්ථා හඳුනා ගැනීම හා විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ රැකියාවට යාමට පෙර හා විදෙස් රැකියාව අවසන් කර මෙරටට පැමිණීමෙන් අනතුරුව විගමණික ප්‍රජාව වෙත සැලසෙන සේවාවන් සම්බන්ධව තොරතුරු ලබාදීම හා අවශ්‍ය ලියාපදිංචි කිරීම් සිදුකිරීමට නවතම යාවත්කාලීන කළ වෙබ් අඩවිය මගින් පහසුකම් සලසා තිබේ.

ආකර්ශනීයව හා නව තාක්ෂණයට ගැලපෙන අයුරින් සිංහල, ඉංග්‍රිසි හා දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ලබාගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයයි.

ශ්‍රී ලංකාවේ විගමණික ප්‍රජාව මෙරට ආර්ථිකයේ විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ ප්‍රමුඛයා වන අතර ඔවුන් වෙනුවෙන් පහසුකම් සැලසීමට රාජ්‍ය මට්ටමින් ගත හැකි සැම පියවරක්ම රජය විසින් ගනු ලබන බවත්, එමෙන්ම විදේශ රැකියා මෙරටට ගෙන එනු ලබන බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන් නියාමනය කරමින් ඔවුන්ගේ සේවාව අගය කරමින් වෘත්තිකභාවයකින් යුතුව කටයුතු කිරිම සදහා කාර්යාංශය විසින් පියවර ගනිමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරවෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් සඳහන් කළේය.

ශ්‍රමිකයන් බදවා ගන්නා විදේශ රාජ්‍යන් සමග රාජතාන්ත්‍රික මට්ටමින් අවබෝධාත්මක සම්බන්ධතාවයක් පවත්වා ගැනිම හේතුවෙන් වැඩි වැඩියෙන් විදේශ රැකියා අවස්ථාවන් ශ්‍රී ලංකාවට විවෘත වී ඇති පසුබිමක වාර්ෂිකව විදේශ රැකියා වලට පිටත් වන ප්‍රමාණය හා ඔවුන් විසින් මෙරටට එවන ප්‍රේෂණය ප්‍රමාණය දිනෙන් දින ඉහල යමින් ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍ය මනුෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනතාවට සමීප හා කාර්යක්ෂම ඵලදායි සේවාවක් ලබාදෙන අමාත්‍යාංශ අතර ප්‍රමුඛතම අමාත්‍යාංශයක් වන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම හරහා ශ්‍රමිකයින් ලබාගන්නා විදේශීය රටවල් හා නිපුණතා සපිරි ශ්‍රී ලාංකීය ශ්‍රමික ප්‍රජාව අතර පාලමක් ගොඩනැගීම මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම මගින් හැකිවන බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us