රට බේරා ගැනීමට තිබෙන එකම විසඳුම සජබය විතරයි - මන්ත්‍රී හර්ෂණ කියයි

Published in පුවත්
Thursday, 30 November 2023 08:08

රට මුහුණදී තිබෙන ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයෙන් රට බේරා ගැනීමට තිබෙන එකම විසඳුම සමඟි ජන බලවේගය බවත් රටේ වත්මන් තත්ත්වය වෙනස් කිරීමට සමඟි ජන බලවේගය නායකත්වය ගැනීමට සූදානම් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

රටට අවශ්‍ය කර තිබෙන්නේ ජන මතයක් තිබෙන නායකයකු සහ ආණ්ඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සමඟි ජන බලවේගය ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවත් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා පවසයි.

මැතිවරණ දෙකම එකම දිනකදී පැවැත්වීමට අදාළව නීතිමය වෙනසක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සහාය දීමට පක්ෂය සූදානම් බව ද ,මෙමඟින් විශාල මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව ද හෙතෙම පැවසීය.

 

-P.M

Last modified on Thursday, 30 November 2023 08:08

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us