අඩු ආදායම්ලාභීන්ගේ නිවාස කුලිය ලබන වසරේ සිට අය නොකෙරේ

Published in පුවත්
Thursday, 30 November 2023 08:15

අඩු ආදායම්ලාභීන්ට කුලී පදනම මත ලබා දී ඇති නිවාසවල කුලිය අය කර ගැනීම ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නතර කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ දී ඊයේ (29) පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

''කඳුකර ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන්හි සංවර්ධනයට රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබෙනවා. උතුරු, නැඟෙනහිර නිවාස 25,000ක් සඳහා සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් ලබන වසරේ ආරම්භ කරනවා.

මේ අමාත්‍යංශය යටතේ 123, 291, 309 සිට 311 දක්වා වන වැය ශීර්ෂ සම්බන්ධවයි අද අපි සාකච්ඡා කරන්නේ. පසුගිය අය වැයේදීත් මම පැහැදිලිව කිවුවා. එදා අමාත්‍යාංශය සම්බන්ධයෙන් කතා වූ සියලු කරුණු කාරණා උපදේශන කාරක සභාවට යොමු කරලා අවශ්‍ය පියවර ගන්නවා කියලා. ඒ වගේම අද දිනයේදීත් මේ පාර්ලිමේන්තුවේ මෙම අමාත්‍යාංශය සම්බන්ධ වැය ශීර්ෂයේදී ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් උපදේශන කාරක සභාවට ඉදිරිපත් කරලා ඒ පිළිබඳව ධනාත්මකව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ සියලුදෙනා ඉදිරිපත් කරන කාරණා ධනාත්මකව භාර ගන්න අපි සූදානම් කියන කාරණාවත් මම මතක් කරනවා. මම මුලින්ම කියන්න කැමතියි රටේ පැවති ආර්ථික අර්බුදයෙන් පස්සේ රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවට හොඳම සහතිකයක් තමයි මෙවර අය වැයෙන් ලබා දී තිබෙන්නේ. මොකද ආර්ථික අර්බුදය නිසා කඩා වැටිලා තිබුණු රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරලා නැවත ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් මේ අය වැයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා''

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us