ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ  ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලය සමග ක්‍රියාකාරී සැලැස්මක්

Published in පුවත්
Thursday, 30 November 2023 13:38

අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඇති හැකියාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයේ හවුල්කරුවන් සමඟ එක්ව පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් සදහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් සහයෝගීතා රාමුවකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙන අතර එහි මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික රාමුව තුළ ‘සාධාරණ වෙළඳ සංකල්පයන්’ ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ කිරීමයි.

ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලය(International Fair-Trade Network) යනු ප්‍රමිති සහතික කිරීම, නිෂ්පාදක සහාය වැඩසටහන් සහ උපදේශනය හරහා සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදාහරින ගෝලීය ජාලයකි.

නීති, බැඳීම් නොවන යෝජනා, ජාතික ක්‍රියාකාරී සැලසුම්, උපාය මාර්ග, මුලපිරීම් යනාදී සාධාරණ වෙළඳාම සඳහා සහයෝගය ලබා ගැනීම සඳහා විවිධ රාජ්‍ය ප්‍රතිපත්ති මෙතුළින් ලබාගත හැකි ප්‍රතිලාභයන් කිහිපයකි.

මෙහි ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල නියැලී සිටින බොහෝ සංවිධාන ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයේ හවුල්කරුවන් ලෙස කටයුතු කරයි.

කෙසේ වෙතත්  ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳ සබඳතා කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවට  කැබිනට් සම ප්‍රකාශක සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us