ජනක චන්ද්‍රගුප්ත ගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි

Published in පුවත්
Friday, 01 December 2023 08:36

ප්‍රමිතියෙන් තොරව HUMAN IMMUNOGLOBULIN නමැති ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාළව හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තන් CID ඊයේ (30) පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කරනු ලැබීය.

මෙම ඖෂධ වංචාවට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙරේදා (29) පැවති නඩු කටයුත්තේදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ විමර්ශනවලට සහාය වෙමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ආදර්ශ අත්සන හා අත්අකුරු පරීක්ෂා කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව ඊයේ උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය මඟින් හිටපු ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව හිටපු ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇති බවත් එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හිටපු ලේකම්වරයා ඊයේ පිටත්ව යන අවස්ථාවේදී මාර්ගයේ රැඳී සිටි පිරිසක් ඔහුටවිරෝධය ද දක්වා තිබුණු බව වාර්තා වේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us