අධිකරණ නියෝගයට අනුව ජෙරොම් ප්‍රනාන්දු ගෙන් CID ය පැය 8 ක් ප්‍රශ්න කිරීම්

Published in පුවත්
Friday, 01 December 2023 08:45

බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකරමින් ආගමික සංහිඳියාවට හානි කළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය 08ක් පුරා දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

ඒ අනුව පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා මෙම ප්‍රශ්න කිරීම් සිදු කෙරුණි.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පසුගිය මැයි 14 වැනිදා රටින් පිටව යන්නේ ඔහු විසින් කළ බුදු දහමට අපහාස වන ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟිනි.

ගුවන්තොටුපොළින් ඔහු පිටත්ව යන්නේ සිංගප්පූරුව බලාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහුට එරෙහිව අධිකරණය මඟින් ගුවන් ගමන් තහනමක් ලබාගනු ලබන්නේ ඊට දින දෙකකට පසුවය.

නැවත මෙරටට ඔහු පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියත් ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරු මඟින් එම අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට අභියාචනයෙන් පිහිට පැතීය. ඒ අනුව අධිකරණය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරනු ලබන්නේ මෙරටට පැමිණෙන විට ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසය. ඒත් සමඟ අධිකරණය ජෙරොම් ප්‍රනාන්දුට නියෝග කරනු ලබන්නේ මෙරටට පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසය.

කෙසේවෙතත් මාස 06කට වැඩි කාලයක් රටින් බැහැරව සිටි ජෙරොම් ප්‍රනාන්දු පෙරේදා (29) අලුයම මෙරටට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (30) පෙනී සිටියේ අභියාචනාධිකරණය මඟින් දී තිබුණු නියෝගයට අනුවය.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us