IMF දෙවැනි වාරිකය මේ මාසයේදී නිදහස් කෙරේ

Published in පුවත්
Friday, 01 December 2023 08:53

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පෙරේදා (29) මූලික එකඟතාවන්ට පැමිණි බව පාර්ලිමේන්තුවට සතුටින් දැනුම් දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවසීය.

ඒ අනුව මේ මාසය තුලදී IMF දෙවැනි වාරිකය ලබාගෙන මේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව, මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාව පළ කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණය හිමියන්ගේ රටවල එකඟතාව ඊයේ (30) ලැබුණු බවත් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය මඟින්, මෙරට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට සහ ලබන වර්ෂය වන විට ආර්ථික වර්ධනයක් කරා ළඟා වීමට හැකිවනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us