යතුරු පැදියේ සිට ලක්ෂ 5ක් වටිනා පිළිකා එන්නත් විකුණු අයෙක් මාට්ටු

Published in පුවත්
Friday, 01 December 2023 10:08

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එන්නත් හා ඖෂධ වර්ග 16ක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුවය.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීමකදී 24 හැවිරිදි සැකකරු පවසා ඇත්තේ, සිසිලස රැඳෙන පෙට්ටියක් තුළ ඇසිරූ එන්නත් හා ඖෂධ තමා අළෙවි කළේ, අලෙවි නියෝජිතයෙකු තමන් වෙත යොමුකරන රෝගීන්ට බවය.

එමෙන්ම අදාළ ඖෂධ තමා වෙත අළෙවි කිරීම සඳහා ලබාදුන්නේ ද එම අලෙවි නියෝජිතයා බව සැකකරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ප්‍රකාශ කළේය.

මහමගදී අලෙවි කළ පිළිකා ඖෂධ මෙරට ලියාපදිංචිකර ඇතිද යන්න සොයාබැලීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත යොමුකිරීමට නියමිතය.

අද බැඳුම්කර ඇප මත මුදාහැරි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us