ලංකාවේ උද්ධමනය පාලනය කරපු හැටි ජර්මනියට උගන්වයි

Published in පුවත්
Friday, 01 December 2023 11:54

"උද්ධමනය ප්‍රජාතන්ත්‍රවාදය නසා දමයි: ප්‍රජාවගේ ක්‍රියාකාරීත්වයේ පදනම ලෙස රාජ්‍ය මූල්‍ය තාර්කිකත්වය" යන තේමාව යටතේ බර්ලින් නුවර පැවති ආර්ථික සංවාද මාලාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ලද ආරාධනය අනුව සහභාගී විය.

මෙම සම්මන්ත්‍රණය ජර්මනියේ මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදී. 2022 වසරේදී වාර්තාගත ඉහළ අගයකින් පසුව ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කිරීමේ සාර්ථකත්වය පිළිබදව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් එහිදී කරුණු ඉදිරිපත් කළේය.

ඔහුගේ දේශනයේදී, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව සහ රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ අතර උද්ධමනය අවම කිරීමේ උපාය මාර්ගය සහ ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කරන ලදී.

ජර්මනියේ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර්, යුරෝපීය මහ බැංකුවේ සභාපති ක්‍රිස්ටීන් ලගාර්ඩ් සහ ලන්ඩන් ආර්ථික විද්‍යාලයේ මහාචාර්ය ඇල්බෙච් රිට්ච්ල් ද මෙම සමුළුවට සහභාගී වූ අනෙකුත් කථිකයන් අතර වූහ.

Last modified on Friday, 01 December 2023 12:19

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us