අක්‍රීය Gmail ගිණුම් මකා දමයි

Published in පුවත්
Friday, 01 December 2023 15:03

අක්‍රීය ජීමේල් (Gmail) ගිණුම් අද (01) සිට මකා දැමීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ගූගල් සමාගම නිවේදනය කර තිබේ.

ආසන්න වසර දෙකක් තිස්සේ සක්‍රීය නොවූ ජීමේල් ගිණුම් මෙසේ මකා දැමීමට නියමිත බව සඳහන්ය.

ඒ අනුව ජීමේල් ගිණුමක් යටතේ ඇති Drive, Google Photos සහ Documents යනාදිය මෙමඟින් මකා දැමීමට නියමිත ව ඇත.
Googleහි නිෂ්පාදන කළමනාකාර ප්‍රධානී රූත් ක්‍රිචෙලි සිය බ්ලොග් අඩවියේ සඳහන් කර ඇත්තේ, මෙය ආරක්ෂක පියවරක් වන බවයි.

ගිණුමක් දීර්ඝ කාලයක් භාවිතා කර නොමැති නම්, එය කිසිවකු අතින් අවභාවිතයට ලක් වීමට වැඩි ඉඩක් ඇති බව ඔහු සඳහන් කර ඇත.
2019 වන විට, Gmail සේවාව තුළ සක්‍රීය පරිශීලකයන් බිලියන 1.5ක් සිටින බව වාර්තා වී ඇත. කෙසේ වෙතත් Google සමාගම විසින් අක්‍රිය ගිණුම් ගණනය කිරීම පිළිබඳ කිසිදු සංඛ්‍යා ලේඛනයක් නිකුත් කර නොමැති බව ද වාර්තා වේ.

මෙසේ අක්‍රීය ගිණුම් මකා දැමීම දෙසැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන නමුත් සියලු ගිණුම් එක් දිනකින් මකා අවසන් නොවනු ඇති බව ද සඳහන්ය.
මකා දැමීමට පළමුව අදාළ ගිණුමට පණිවුඩයක් යොමු කෙරෙන බව ද වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us