මත්පැන් බලපත්‍රලාභීන්ට පණිවුඩයක්

Published in පුවත්
Monday, 04 December 2023 09:20

එළඹෙන වසර සඳහා මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේ දී බලපත්‍රලාභීන් විසින් සියලු හිඟ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තාමේන්තුව දැනුම් දී තිබේ.

එමෙන්ම බදු නිෂ්කාශන සහතිකය අතීතය මෙන් බලපත්‍රලාභීන් විසින් ඉදිරිපත් කිරීම නොව එය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව බලපත්‍රලාභීන් ඔවුන්ගේ ප්‍රතිලාභ මත පදනම්ව අදායම් බදු, වැට් බදු සහ සමාජ ආරක්ෂණ බද්ද ගෙවීම අනිවාර්ය වේ.

එහෙත් ඔවුන් වෙනත් බදු සඳහා ලියාපදිංචි වී ඇත්නම් එම සහතිකය සුරක්ෂිත කිරීම සඳහා අදාළ ගෙවීම් නිෂ්කාශනය ඉදිරිපත් කළ යුතු බව සඳහන්ය.

සුරාබදු දෙපාර්තමේන්තුව මෙවර නව ක්‍රමයක් හඳුන්වා දෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු නිශ්කාශන සහතික සෘජුවම දෙපාර්තමේන්තුව වෙත එවනු ලබන්නේ බලපත්‍රලාභීන් විසින් ඔවුන්ගේ අපේක්ෂිත බදු ගෙවීම් නිෂ්කාශනය කර අදාළ බදු ගෙවීම්වලට අනුකූල වීමෙන් පසුව බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඒ සඳහා තම බදු නිෂ්කාශන සහතිකය සෘජුවම සුරාබදු දෙපාර්තමේන්තුවට යැවීමට බලපත්‍රලාභීන්ගේ කැමැත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us