පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය සදහා රජයේ අවදානය

Published in පුවත්
Monday, 04 December 2023 09:26

පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින අතර ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන සිවිල් තනතුරක් වේ.

කෙසේ වෙතත් කොමසාරිස් ධුරයට පත්වන පුද්ගලයාට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරේ.

ඒ අනුව හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මෙම ධුරයට පත්කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති අතර එය මාස 03කට සීමා කර තිබේ.

එහෙත් මෙම පත්කිරීම ස්ථිර පත්කිරීමක් ලෙස ක්‍රියාත්මක කරන බවට මේ දක්වාත් කිසිදු පාර්ශවයක් ප්‍රකාශයට පත්කර නොමැත.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට යෝජනා වී ඇතත් අලුතින් ස්ථාපිත කරන පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය හිටපු පොලිස්පතිවරයාට හිමිවනු ඇති බව වාර්තා වේ.

-අද දෙරණ

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us