ඒ අනුව විදේශයක දී දික්කසාද වූ යුවළක් යළිත් මෙරට දිස්ත්‍රික් උසාවියකින් දික්කසාදයක් ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව මගින් අවලංගු වේ.
එංගලන්තයේ පුරවැසිභාවය හිමි චම්පික නරේන්ද්‍ර සිල්වා නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණ බව වාර්තා වේ.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														