අමරකීර්ති ඝාතකයන් හොයන්න නවීනතම තාක්ෂණය යොදාගැනීමට පියවර Featured

Published in පුවත්
Monday, 04 December 2023 14:25

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී ප්‍රථම වරට ‘මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය’ (facial recognition identification technology)මෙරට අධිකරණ පද්ධතියට ඇතුළත් කිරීමට නීතිපතිවරයා කටයුතු යොදා තිබේ.

පසුගිය වසරේ මැයි 9 වැනිදා නිට්ටඹුවේදී ‘අරගලය’ උච්චතම අවස්ථාවකදී සිදු වූ ඝාතන සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ලබා ඇති විත්තිකරුවන් ධනාත්මකව හඳුනා ගැනීමට මෙම තාක්ෂණය යොදා ගැනේ.

සිකුරාදා ගම්පහ මහාධිකරණයේ නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක ප්‍රසන්න බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේ නඩු විභාගය අතරතුර නීතිපති දෙපාර්තමේන්තුව නව තාක්ෂණය හඳුන්වා දෙන බවයි.

මෙමගින් සිද්ධියට අදාළ CCTV දර්ශන විශ්ලේෂණය කිරීමටත්, එම දර්ශනවල දක්නට ලැබෙන අයගේ මුහුණු චූදිතයන් සමඟ ගැළපේ දැයි පරීක්ෂා කිරීමටත්, විත්තිකරුවන් අපරාධයට සම්බන්ධ දැයි හඳුනා ගැනීමටත් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙන බව ඔහු පැවසීය. අපරාධයට වගකිවයුත්තන් ධනාත්මකව හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබාදීම සහතික කිරීම මෙහි අරමුණ බව ඔහු පැවසීය.

විත්තිකරුවන් හතළිස් එක් දෙනෙකුට චෝදනා 14ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබේ. විත්තිකරුවන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් දෙදෙනකු නොපැමිණීම සම්බන්ධයෙන් විභාග වෙමින් පවතී. විත්තිකරුවන්ගෙන් එක් අයෙක් විදේශගතව සිටින බව දන්නා අතර අනෙක් පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැත. කෙසේ වෙතත් විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටියි. මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

කෙසේ නමුත් සිකුරාදා අධිචෝදනා පත්‍ර කියවීමෙන් පසු සියලුම විත්තිකරුවන් නිවැරැදිකරුවන් බව පිළිගත්තේය.

නවීන මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය පදනම් වී ඇත්තේ convolutional neural Network ලෙස හඳුන්වන විශේෂිත ස්නායුක ජාලයක් මතය. මුහුණු සැකිලි ගැලපීම සඳහා, සංවෘත ස්නායුක ජාල සෑම රූපයක්ම පියවර කිහිපයක් හරහා සකසයි. මුහුණු හඳුනාගැනීම (Face detection),මුහුණත පෙළගැස්වීම (Face alignment),සැකිලි නිස්සාරණය (Template extraction),සැකිලි ගැලපීම (Template matching). මෙම නව ස්නායුක ජාලයේ වර්ධනය අනුව, මුහුණු හඳුනාගැනීමේ නිරවද්‍යතාවය ඉහළ බව තහවුරුව තිබේ.

වර්තමානයේ, මෙම මුහුණු හඳුනාගැනීමේ තාක්‍ෂණය ස්මාට් දුරකතන, පරිගණකමය ආදී ලොව පුරා පුළුල් පරාසයක යෙදුම් (applications) නිර්මාණයට යෙයාදුගෙන ඇත. මෙම තාක්ෂණය භාවිතා කරමින් සැකකරුවන්ගේ අපරාධ හඳුනාගැනීම, ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් ඇතුළත් කිරීම්, ලියාපදිංචි කිරීම් හා ප්‍රවේශ පාලනය, ආරක්ෂාව සහ නිරීක්ෂණ, අනන්‍යතා වංචා වැළැක්වීම ,ගුවන් තොටුපල මෙහෙයුම්, මූල්‍ය සේවා සත්යාපනය,ස්මාර්ට් දුරකතන අගුළු හැරීම ආදීය වෙනුවෙන් යොදාගැනීම් සිදුවෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us