“අස්වැසුම” නව අයදුම්පත් කැවීඳම මෙ මස දී

Published in පුවත්
Tuesday, 05 December 2023 12:24

අස්වැසුම නව අයදුම්පත් කැඳවීම ද මේ මස ආරම්භ කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එමෙන්ම අස්වැසුම යෝජනා ක්‍රමයේ ඔක්තෝබර් මාසයට අදාළ මුදල් වාරික ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත අද (05) සිට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් නොවැම්බර් සහ දෙසැම්බර් වාරික මේ වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කරන බවත් මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මෙම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 877ක (රුපියල් මිලියන 8,775) මුදලක් ඊයේ (04) දිනයේ බැංකු වෙත මුදාහැරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙන අතර, එම මුදල් අද සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පැවසුවේය.

මෙම වාරික මුදල් ප්‍රතිලාභී පවුල් 1,406,932ක් වෙනුවෙන් ලබාදෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා, එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත වාරික මුදල් කඩිනමින් බැර කිරීමට පියවර ගෙන තිබෙන බව ද ඒ අනුව ඔවුන්ට අද දිනයේ සිට අස්වැසුම ප්‍රතිලාභී මුදල් ලබාගැනීමේ හැකියාව පවතින බවද පැවසුවේය.

සංක්‍රාන්තික කාණ්ඩය යටතේ පවුල් 209,225කට, අවදානමට ලක් වූ කාණ්ඩය යටතේ පවුල් 290,070කට, දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 605,379කට සහ අන්ත දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 302,258කට මෙවර ප්‍රතිලාභ හිමිවන බව පවසන මුදල් රාජ්‍ය ඇමැතිවරයා අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගන්නා ප්‍රතිලාභීන්ට ජූලි මාසයේ සිට හිමිවිය යුතු ප්‍රතිලාභ මුදල් ගෙවීමට කටයුතු කරන බවද සඳහන් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සෑම මාස හයකට වරක් අස්වැසුම සමාලෝචන කටයුතු සිදුකරන බවත්, මීට අමතරව වැඩිහිටි, වකුගඩු සහ අබාධිත දීමනා හිඟ මුදල් ද ගෙවීමට පියවර ගෙන තිබෙන බවත්, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us