ගෝඨා, මහින්ද, බැසිල් ට පාරිභෝගික එකමුතුවෙන් වන්දි නඩු

Published in පුවත්
Tuesday, 05 December 2023 14:16

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජ්‍යක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු යැයි තීන්දු කළ ග්‍රේෂ්ඨාධිකරණය තීරණයට අනුව සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව ඉදිරියේදී වන්දි නඩු ගොනු කිරීමට ක්‍රියා කරන්නේ යැයි එහි ලේකම් මිලින්ද ප්‍රේමරත්න පැවසීය.

එවක පැවැති පාලනය හා බලධාරීන් ගත් වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ලබා දුන් මෙම තීන්දුව අනුව වන්දි නඩු පැවැරිය හැකි බවට දැනටමත් නීති විශාරදයන් සිය මතය පළ කර ඇති බැවින් ඒ අනුව මෙම ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ යැයි ඔහු සඳහන් කර තිබේ.

මෙම නඩු සිවිල් වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණයක පැවැරිය හැකි බවට නීති උපදෙස් ලැබී ඇති බවත්, මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත්, හෙතෙම පැවසීය.

ගෑස් අනතුරුවලින් පමණක් පුද්ගල මරණ දහයකට වඩා සිදු වූ නමුත් අදටත් රජය ඊට සාධාරණය ඉටු කර නැතැයිද ඔහු චෝදනා කර තිබේ.

ගෑස් පිපිරීම් ඇතුව විවිධ අංශවලින් පසුගිය පාලන කාලයේදී ආර්ථික අපරාධ රැසක් සිදු වී ඇති බවත්, ඒවාට එරෙහිව මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිර්දේශවලින් කිසිදු පලක් වී නොමැති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us