මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයෙන් ISCP සමුළුව පැවැත්වේ

Published in පුවත්
Tuesday, 05 December 2023 15:57

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ ලෝක සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විශේෂ ජාත්‍යන්තර සමුළුව 2023 දෙසැම්බර් 06 වැන් දින පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1හීදී පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවයේ මූලාසනය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන හොබවන අතර, ආසියා පැසිෆික් කලාපයේ සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ (ISCP) සභාපති, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයෙන් මෙම සමුළුව පැවැත්වේ.

මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ විශ්ව සාම සම්මේලනය (UPF) සහ එහි අනුබද්ධ සංවිධාන වන සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලය (ISCP) සහ සාමය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය (IAPP) එක්ව සංවිධානය කරයි.

චෑන්ග් යැංග් මහතා - සභාපති විශ්ව සාම සම්මේලනය, ඒක් නාත් ඩකාල් මහතා - සභාපති අන්තර්ජාතික පාර්ලිමේන්තු සභිකයින්ගේ සාම සංවිධානය - ආසියා පැසිෆික් සහ මසායිච් හොරී මහතා සභාපති - විශ්ව සාම සම්මේලනය ආසියා පැසිෆික් කලාපය සහ මැලේසියාව, නේපාලය, ඉන්දියාව, ජපානය, බංගලාදේශය සහ පිලිපීනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර නියෝජිතයින් ලෙස සහභාගී වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us