රස්තියාදු නොවී රජයේ පෝරම පිරවීම ගෙදර ඉදන් කරන්න

Published in පුවත්
Tuesday, 05 December 2023 17:23

ජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත ගොස් ආකෘති පත්‍ර හෝ පෝරම (Forms) සම්පූර්ණ කර ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කර ගත හැකි ඩිජිටල් විසඳුමක්, “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital Government Forms) නමින් හඳුන්වා දී තිබේ.

පරිගණක, ජංගම දුරකථන, ටැබ් ආදී උපාංගයක් ඔස්සේ, ඕනෑම තැනක සිට ප්‍රවේශ වෙමින් ජනතාවට මෙම සේවාව ලබා ගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙම ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම නියමු ව්‍යාපෘතියක් වශයෙන් රාජ්‍ය ආයතන නවයක් කේන්ද්‍ර කර ගනිමින් 2022 වසරේ දී සාර්ථකව දියත් කරන ලදී.
සාම්ප්‍රදායික ලෙස රජයේ කාර්යාල වෙත පැමිණ ආකෘති පත්‍ර ලබා ගැනීම, ඒවා පුරවා ආපසු භාර දීම ආදිය මෙමඟින් මුළුමනින් ම පාහේ නතර වීම ජනතාවටත්, රාජ්‍ය අංශයටත් වාසි රැසක් අත් කර දෙයි.‍
ජනතාවට කාර්යාල වෙත නො පැමිණ නිවසේ සිට ම සේවාවන් ලබා ගැනීමට හැකි වීම නිසා කාලය මෙන් ම මුදල් ද ඉතිරි වේ. පුරවැසි කේන්ද්‍රීය සේවාවක් ලෙස රාජ්‍ය අංශයේ සේවාවන් ඉතා කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් ජනතාවට ලබා දීමට මෙමඟින් හැකියාව ලැබේ. පුරවැසි දත්තවල සුරක්ෂිත බව තහවුරු වීම, පෞද්ගලික දත්ත නිරාවරණය නොවීම මෙන් ම සේවා සැපයීමේ දී දත්ත වෙත කඩිනමින් යොමු වීමේ පහසුව ද මේ ඔස්සේ හිමි වේ.
කඩදාසි භාවිතයෙන් තොර වීම නිසා පරිසර හිතකාමී රාජ්‍ය සේවාවකට ද මඟ පෑදෙන අතර කඩදාසි ලේඛන කළමනාකරණ, නඩත්තු කිරීමේ, ආරක්ෂා කිරීමේ සහ ගබඩා බරින් ද රාජ්‍ය සේවා නිදහස් වේ. පුරවැසියන්ගේ අවශ්‍ය තොරතුරු ඍජු ලෙස ඔවුන් වෙතින් ම ලබා ගත හැකි වීම මඟින් එහි විශ්වසනීයත්වය තහවුරු වීම ද මෙයින් ඇති වාසියකි.
තව ද 2025 වසර අවසන් වන විට පුරවැසියන්ගෙන් අවම වශයෙන් 25%ක් රාජ්‍ය සේවා සඳහා අන්තර්ජාලය හරහා ආකෘති පත්‍ර ඉදිරිපත් කරනු ඇතැයි ද එම පුරවැසියන්ගෙන් 75%ක් පමණ මෙම ඩිජිටල් විසඳුම පිළිබඳව තෘප්තිමත් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
පුරවැසි සේවාවන් කාර්යක්ෂමව සහ ඵලදායීව ලබා දීම වඩාත් අ‍ර්ථවත් කිරීමේ අරමුණෙන්, ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මෙරට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි බව ICTA වැඩිදුරටත් සඳහන් කරයි.
ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම පිළිබඳ වැඩි විස්තර forms.gov.lk වෙත පිවිසීමෙන් දැන ගත හැකියි.

Last modified on Tuesday, 05 December 2023 18:48

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us