ජපාන රජයෙන් කටුනායක ගුවන් තොටුපොළට ඩොලර් මිලියන 2.5 ක වාහන පරිත්‍යාගයක්

Published in පුවත්
Tuesday, 05 December 2023 18:54

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන පරිත්‍යාග කරනු ලැබීය. ඒ ජල හා මුදවා ගැනීම් පරිශ්‍රයේ දී පැවති උත්සවයකදීය.

මෙම වාහන තොගය අතර, අති නවීන උපාංග සහ ඉහළ ධාරිතාවයෙන් යුතු බෝට්ටුවක්, ගිනි හා මුදවා ගැනීමේ රථ දෙකක්, පෙර ගමන් රථයක් , කැබ් රථ දෙකක් ද විය .

මෙම බෝට්ටුව අශ්ව බල 100 සහ අශ්ව බල 25 ඇංජින් දෙකකින් බල ගැන්වෙන අතර එම බෝට්ටුවෙහි ජී.පී.එස් තාක්ෂණය ඇතුළු නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත වී තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය කෙළවර මීගමුව කළපුව සහ ඉන් එහා ඉන්දීය සාගරය පවතින බැවින් හදිසි ගුවන් යානා අනතුරක් සිදු වුවහොත් මගීන් සහ කාර්යය මණ්ඩලය බේරා ගැනීම සදහා බෝට්ටු සේවාවක් සූදානම් කර තැබිය යුතු බවට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය මගින් නිර්දේශ කර තිබේ.

එහෙත් මෙම අති නවීනතම බෝට්ටුව , ජාතික අවශ්‍යතාව සළකා බලා ගුවන් තොටුපොළ විසින් , විදේශයන් ගෙන් රට තුළට රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.

ඒ වෙනුවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සතුව තිබූ වෙනත් බෝට්ටුවක් ගුවන් තොටුපොළ වෙත පරිත්‍යාග කිරීම ද මෙම අවස්ථාවේ සිදු විය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us