නතර වී තිබු පොලිස් මහජන සහන දිනය නැවතත්

Published in පුවත්
Monday, 11 December 2023 09:25

කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 15 වැනිදා සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලදී අපේක්ෂිත සහනයක් නොලැබුණු හෝ අනවශ්‍ය ප්‍රමාදවීම් පිළිබඳව යුක්ති සහගත සහ සාධාරණ කරුණු සම්බන්ධයෙන් එහිදී පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම මහජන සහන දිනය තුළින් මහජනයාට ශ්‍රී ලංකා පොලිසිය තුළින් සිදුවිය යුතු සේවය ප්‍රමාදයකින් තොරව සාධාරණව ඉටුකර දීම එහි අපේක්ෂාව බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

වැඩබලන පොලිස්පතිවරයාද සෑම සිකුරාදා දිනකම මහජන සහන දිනයට පැමිණීමට අපේක්ෂා කරන අතර සෘජුවම මහජනතාවගේ පැමිණිලි පිළිබඳව පිළිතුරු ලබාදීමද එහිදී සිදුකෙරෙනු ඇති.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us