වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට

Published in පුවත්
Monday, 11 December 2023 09:33

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද(11) යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අද දිනයේ එම පනත් කෙටුම්පත සම්මත කරගන්නා බවයි.

අදාළ කෙටුම්පත පසුගිය අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ අතර වැට් බද්දට අයත් අදාළ භාණ්ඩ ලැයිස්තුව ඊට ඇතුළත් විය.

කෙසේවෙතත් අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ දිනයේ එම භාණ්ඩ ලැයිස්තුව ඉල්ලමින් විපක්ෂය අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීමට උත්සහ කළ බව යි.

මේ අතර, වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ ය.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.එහෙත්, ගණපූරණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 දක්වා කල් තැබුණි. නව කෙටුම්පතට අනුව මෙතෙක් 15% ක්ව පැවති වැට් බද්ද 18% ක් දක්වා ඉහළ යනු ඇති.

ඒ යටතේ මෙතෙක් බදු අය නොකළ සෞඛ්‍ය උපකරණ, ජලය, විදුලිය, ඛණිජ තෙල්, ආහාර ද්‍රව්‍ය, කෘෂි උපකරණ ඇතුළු භාණ්ඩ රැසකට බදු පැනවීමට යෝජනා කර තිබේ.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us