බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගමු - ජනපති

Published in පුවත්
Wednesday, 13 December 2023 16:10

දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයවැය විවාදයේ අවසන් දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කර ඇත.

බලය ලබා ගැනීම සඳහා දේශපාලකයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කතා ගැන ජනතාව පරිස්සම් විය යුතු බව කී ජනාධිපතිවරයා එවැනි දේවල් වලින් වන්නේ රට නැවත බංකොලොත්භාවය කරා ඇදගෙන යාමට මග පෑදීම බව සඳහන් කළේය.

 '' රට ගොඩ නැංවීම සඳහා වන දෙවැනි ණය වාරිකය අනුමත කළ බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

අභියෝගාත්මක ගමනට නායකත්වය දෙන්නට හැකිවීම ගැන මා තුළ ඉහතමානී සතුටක් තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ ,නායකයෝ කිසි කෙනෙක්ට ඉස්සරහට එන්න ධෛර්යයක් තිබුණේ නැහැ. මට තිබුණේ අධිෂ්ඨානය සහ සැලසුම් විතරයි.වැල් පාලමේ ගමන ගැන සමහරු උපහාසයෙන් කතා කළා. නමුත් ජනතාව අපහසුවෙන් වුවද කැපකිරීම් කළා.

මා ගත් සමහර දුෂ්කර තීරණ ජනතාව අපහසුවෙන් වුවත් විඳදරා ගත්තා. සියලු දෙනා වින්ද දුක් කරදර වල ප්‍රතිඵල ලෙස රට බංකොලොත් බවින් මුදා ගන්නට දැන් හැකියාව තිබෙනවා. ඒ සියලු දෙනා රටේ ගමනේ සාඩම්බර කොටස්කරුවන්. ලොව බොහෝ රටවල් බංකොලොත් බවට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කලකින් අපට ඒ බංකොලොත් ලේබලයෙන් මිදෙන්නට හැකියාව ලැබුණා''

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us