බදු සහ වියදම් ඉලක්ක හැර අනෙක් කැපවීම් ගැන සතුටුයි - IMF ප්‍රධානී පීටර් බෘෘවර්

Published in පුවත්
Wednesday, 13 December 2023 16:18

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ බොහෝ කැපවීම් ශ්‍රී ලංකාව බදු සහ වියදම් ඉලක්ක හැර ඉටු කර ඇතැයි ජාතයන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් පෙන්වා දෙයි.

ආධාර වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්වන බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ලබාදී ඇති ණය මුදලේ දෙවන වාරිකය වන ඇමෙරිකා ඩොලර් 337ක පමණ මුදල වහාම ලබාදීමට විධායක කමිටුව අනුමැතිය දුන් බව ද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ බදු ආදායම ඉතාමත් පහළ මට්ටමක තිබෙන බවත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3ක් බවත් පීටර් බෘෘවර් මහතා කීය.

නමුත් අනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26ක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජයට අත්‍යාවශ්‍ය සේවා සැපයිම සඳහා බදු ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

එසේම ණය ප්‍රතිව්‍යවගත කිරීමේ දී චීනය මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවට පත්වීම අත්‍යාවශ්‍ය නොවන බවත් රහස්‍යභාවය ආරක්ෂා කිරිමේ කොන්දේසි මත චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමේ කොන්දේසිවල සාරංශය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත බව ද ඔහු කීය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us