පෙර පාසැල් බොහොමයක් ළමා මනස හදුනා ගන්නේ නැහැ - වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි

Published in පුවත්
Wednesday, 13 December 2023 16:26

ශ්‍රී ලංකාවේ පෙර පාසැල් බොහොමයක් ළමා මනස හදුනා නොගෙන ක්‍රියාත්මක වන ආයතන බව ළමා හා නව යොවුන් මනස පිලිබද විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි සදහන් කරයි.

දෙමාපියන්ගේ අවශ්‍යතාවය සහ අපේක්ෂාව වන්නේ පාසලේ දී ඉගැන්වීමට අදාළ කරුණු පෙර පාසල තුළ ඉගැන්වීම වුව ද පෙර පාසල් තුළ ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ එම පාසල් අධ්‍යාපනය නොවන බව වෛද්‍යවරිය පැවසීය.

විය යුත්තේ පාසලේ ඉගැන්වීම් පරිසරයට දරුවා පූර්ව ලෙස සූදානම් කරවීමත් නිර්මාණශීලි ක්‍රියාකාරකම් බෙදා ගැනීම මෙන්ම අනෙකා සමග සාමුහිකව ජීවත් වීම, සහකම්පනය දරුවා තුළ වැඩෙන ආකාරයට දරුවා සමග කටයුතු කිරීම ඇතුළු දරුවාගේ මනස ගැන විශේෂයෙන් අවබෝධ කර ගනිමින් කරන ක්‍රියාකාරකම් ගැන ප්‍රමාණවත් අවබෝධයක් සහිතව පමණක් පෙර පාසැල් පවත්වාගෙන යාම අනිවාර්යයෙන් කල යුතු බව වෛද්‍ය දර්ශනී වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් වෛද්‍යරවරිය පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පෞද්ගලික පෙරපාසල් පිළිබද දැඩිව සමීපව නියාමනය සහ අධීක්ෂණය කල යුතු බවය.

එමෙන්ම දරුවාගේ මනස ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධ ක්‍රමානුකූල නිසි පුහුණුවක් ආයතන පවත්වන්නන් සතු තිබීමේ වැදගත්කම ද එහි දී අවධාරණය විය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us