තවත් බිත්තර මිලියන 15ක් ලබන සදුදා ලංකාවට

Published in පුවත්
Thursday, 14 December 2023 07:52

තවත් ආනයනික බිත්තර මිලියන 15ක් ඇණවුම් කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

ලබන සඳුදා එම බිත්තර ලංකාවට ලැබීමට නියමිත බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ.

ආනයනය කරන ලද තවත් බිත්තර මිලියන 10ක්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබන සෙනසුරාදා වාර්තා ලබා ගැනීමට නියමිත වේ.

මේ අතර බිත්තර බෙදා හැරීමේ කටයුතු ද වැඩි කර ඇත.

ඒ අනුව පෙර සතොස වෙළෙඳසැල් සඳහා දිනකට බිත්තර මිලියන 2 බැගින් නිකුත් කරන බවත් සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිට මෙරට වෙළෙඳපොළ තුළ දේශීය බිත්තරයක මිල රුපියල් 60ට වැඩි අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම හේතුවෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us