කෘමියෝ නිසා වී ගොවියෝ දුක් වෙති

Published in පුවත්
Thursday, 14 December 2023 12:27

කෘමි හානින්ගෙන් වෙන උවදුරු තුනක් මේ දිනවල වී වගාව ආශ්‍රිතව පැතිර යන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

White Back Plant Hopper හෙවත් සුදු පිට පැළ කීඩෑවා, දුඹුරු පැළ කීඩෑවා (Grey Plant Hopper)  සහ කොළ හකුළුවන දළඹුවා ( Leaf Curl worm)  යන කෘමි විශේෂ තුන මෙසේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ව්‍යාප්තව ඇති බවත් එමගින් වී වගාවේ  හෙක්ටයාර් 22,000ක් පමණ බලපෑමට ලක් ව තිබෙන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කෘමි හානි සියල්ලම වලක්වා ගත හැකි අතර මේ වනවිට සියලු ප්‍රදේශවල සිටින කෘෂිකර්ම උපදේශකවරුන් මෙන්ම අනෙකුත් නිලධාරීන් මේ  සම්බන්ධව දැනුම්වත් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය. එමෙන්ම කෘෂිකර්ම විශේෂ කණ්ඩායම් ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා යොදවා අතැයි ද පරසුරාමන් මහත්මිය පැවසුවාය.

තත්ත්වයෙන් බාල කෘමි නාශක යෙදීම හෝ දැනුමක් නොමැති අය විසින් කරන නිර්දේශ අනුව කටයුතු නොකළ යුතු යැයිද කෘමිනාශක තවත් වර්ග සමග මිශ්‍ර කිරීම නොකළ යුතු අතර  එමගින් හානිකර කෘමීන් රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති නිසා (Chemical Resistance)  කෘමිනාශක යෙදීමෙන් නිසි ප්‍රතිපල අත්කර ගත නොහැකි වනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Last modified on Thursday, 14 December 2023 12:31

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us