AI තාක්ෂණය සුවසැරිය සමග ඒකාබද්ධ කෙරේ Featured

Published in පුවත්
Thursday, 14 December 2023 13:24

 AI තාක්ෂණය සමඟ සුවසැරිය ගිලන් රථ සේවාව ඒකාබද්ධ කර ඇති බව වාර්තාවේ.

ගිලන්රථයේ සිටින රෝගියා සහ වෛද්‍යවරයා දුරකතනය සමඟ සම්බන්ධ වීමේ පෙර පැවති ක්‍රමය වන අතර නව ක්‍රමය යටතේ රෝගියා සහ වෛද්‍යවරයා ඉතා සමීප ලෙස දර්ශනය වෙන අතර රෝගියාගේ රෝග විනිශ්චය ඉතා කඩිනමින් ලබා ගත හැකිය.

ඒ අනුව රෝගියාගේ තත්ත්වය සහ අවශ්‍ය ප්‍රතිකාර අනුව ආසන්නව පිහිටි රෝහලට රෝගියාව යොමු කිරීමට මේ හරහා හැකිවන අතර එය වඩාත් පහසුදායක වේ.

මෙය හඳුන්වාදීමේ අවස්ථාවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  පැවසූවේ,

“1990 සුවසැරිය අද සුවිශේෂී සංධිස්ථානයකට පැමිණියා. ඒ තමයි, ආසියානු කලාපයේ පළමු වරට ගිලන් රථ සේවාවක් Mixed reality සහ AI තාක්ෂණය භාවිත කර ගිලන්රථය තම වෛද්‍යවරයා සමඟ ඒකාබද්ධ කිරීම.

මීට කලින් මේ ඒකාබද්ධතාව සිදු වුණේ දුරකතනයෙන්. මේ නිසා සුවසැරියේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම තව තවත් ශක්තිමත් වෙනවා. මේ සඳහා සුවසැරිය සමඟ අත්වැල් බැඳගෙන සිටින Wavenet සමාගමටත්, තාක්ෂණික දායකත්වය දෙන මයික්‍රෝසොෆ්ට් සමාගමටත් මා ස්තූතිවන්ත වෙනවා.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින්ම කොළඹ සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර පසුව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර සුවසැරිය සේවකයන්ටත් 10,000ක ජීවන වියදම් දීමනාව දෙන්නැයි මා කළ ඉල්ලීම ඉටු කරන බව ඇමැති රමේෂ් පතිරණ මේ අවස්ථාවේදී සඳහන් කළා.

1990 සුවසැරිය ක්‍රියාන්විතයට ස්වේච්ඡාවෙන් නායකත්වය දෙන දුමින්ද්‍ර රත්නායක, සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහත්වරුන්ටත්, දිවා රෑ කැපවී රට වෙනුවෙන් උතුම් සේවාවක් සිදු කරන කාර්ය මණ්ඩලයටත්, අධ්‍යක්ෂ මණ්ඩලයටත් මා ප්‍රණාමය පුද කරනවා.”

යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us