මත්ද්‍රව්‍ය මර්දනයට ජනතා සහාය අත්‍යවශයි - දේශබන්දු

Published in පුවත්
Friday, 15 December 2023 12:12

මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමේදී ජනතා සහාය අත්‍යවශ්‍ය බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.

වාරියපොළ පොලිස් ස්ථානයේ මෙම ඒකකය පිහිටුවා තිබෙනවා. මෙසේ විවෘත කෙරුණේ මෙරට 4වන පරිගණක විමර්ශන ඒකකයයි.

වයඹ පළාතේ පරිගණක හා ජංගම දුරකතනවලින් සිදුවන විවිධ අපරාධ විමර්ශනය කිරීම මේ හරහා සිදුවනවා.

මේ අතර අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ දත්ත පද්ධතියක් ස්ථාපිත කරන ලදී .

මෙම දත්ත පද්ධතිය හරහා දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් වහාම ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කිරීම, එම සැකකරුවන් පරීක්ෂා කිරීම සහ පෙර වැරදි හඳුනාගැනීමට සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.

ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත උපදෙස් ලබාදීම සඳහා පොලිස් මූලස්ථානයේදී පැවති වැඩමුළුවක් අතරතුරදී මෙම දත්ත පද්ධතිය ස්ථාපිත කර ඇත.

මේ වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ තොරතුරු ඇතුළත් කර මෙම දත්ත පද්ධතිය සකස්කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us