බිත්තර මිළට වේට්ටු දාන කූට සැලසුම ලීක් වෙයි Featured

Published in පුවත්
Friday, 15 December 2023 11:56

උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සමග පැවැති සාකච්ඡාවකදී පවසා ඇත.

ඇමති සමග සාකච්ඡාවට පෙර බිත්තර නිෂ්පාදකයින් එකතුවී කතාබහක නිරතවූ අතර එහිදී ඔවුන් සියලුදෙනාම රුපියල් 55ට අඩුවෙන් බිත්තර නිකුත් කිරීමට තීරණයක් නොගන්නා බවට එකඟතාවයකට පැමිණ තිබුණි.

එම සාකච්ඡාව අද දෙරණ කැමරාවේ රහසිගතව පටිගත වී තිබුණේ මෙලෙසය.

"නත්තල් පහු වෙනකම් බිත්තරක මිල රුපියල් 55න් පහළට ගේන්නේ නැහැ. 45 එහෙම කියන්න එපා. 20 වනදා වෙනකොට වැඩේ ඕකේ." (අද දෙරණින් උපුටා ගන්නා ලදී )

පසුව වෙළෙඳ අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු බිත්තර නිෂ්පාදකයින්ට දැනුම්දුන්නේ රුපියල් 55ට බිත්තරයක මිල පවත්වාගෙන යෑම සිදුකළ නොහැකි බවය.

එහිදී බිත්තර නිෂ්පාදකයින් චෝදනා කළේ බිත්තර මිල ඉහළයෑමට වගකිව යුත්තේ තමන් නොව බේකරිහිමියන් සහ අතරමැදියන් බවය.

කරුණු සිදුවන්නේ මෙලෙස නම් සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳවද විශ්වාසයක් තැබිය නොහැකි බැවින් ඊට පෙර බිත්තර ආනයනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.

"අයේ ගේනවා කිව්වොත් ගේනවා. මං නැවත බිත්තර ආනයනය කරන්න කටයුතු කරනවා." යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

කෙසේවෙතත් නැවතත් ආනයනික බිත්තර ගෙන ඒමට රජය විසින් මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතී.

-P.M

Last modified on Friday, 15 December 2023 12:00

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us