ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන් විශාල අවදානමක...

Published in පුවත්
Monday, 18 December 2023 23:34

ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

බාල වයස්කාර ගැහැණු දරුවන් මව්වරුන් බවට පත්වීම බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති බවත් පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් වාර්තා වලට අනුව බාලවයස්කාර ගැහැණු දරුවන් 10 දෙනෙකු ගැබ් ගැනීමට ලක්ව ඇති බවත් ඒ හෙතෙම පැවසීය.

එමෙන්ම වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තා වන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අනාවරණය කළේය.

මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් දරුවන් බේරාගැනීම සඳහා ඔවුන්ට ලිංගික අපයෝජනයන් සහ ඒවා වළක්වාගැනීම පිළිබඳව මනා දැනුමක් ලබාදීමද සිදුකළ යුතු බව එම ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Last modified on Monday, 18 December 2023 23:35

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us