ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් අන්තවාදියෙකු වන්නේ නැහැ-  සාගල රත්නායක

Published in පුවත්
Tuesday, 19 December 2023 16:45

ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් යමෙකු  අන්තවාදියෙකු හෝ ශ්‍රී ලාංකික විරුද්ධවාදියකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක  පැවසීය.

ඩයස්පෝරාව මෙරට සංවර්ධන ක්‍රියාවලිය  සඳහා  සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ප්‍රතිලාභ මෙන්ම ආයෝජන දිරිමත් කරන පරිසරයක් නිර්මාණය කළ යුතු බවත්  එම  ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට නම්  විනිවිදභාවයෙන් කටයුතු  කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

සාගල රත්නායක මේ බව සඳහන් කළේ  ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උත්සවය අමතමිනි.

විදේශගත ශ්‍රී ලාංකික කටයුතු පිළිබඳ කාර්යාලයේ https://oosla.lk/    නිල වෙබ් අඩවිය දියත් කිරීමද මෙහිදී සාගල රත්නායක අතින් සිදු කෙරිණි. 

මෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා විසින් සිදු කරනු ලැබූ අතර විදේශගත ශ්‍රී ලාංකික කටයුතු පිළිබඳ කාර්යාලය හා එක්ව ලබා දෙන සේවාව අගයමින් සාගල රත්නායක සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි  විසින් ඒ මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය ක‍ළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක  මෙසේද පැවසීය.

‘‘ජාති ආගම් භේදයකින් තොරව වෙනත් රටක ජීවත්වන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු ඩයස්පෝරාවේ පාර්ශ්වකරුවෙකු වෙනවා. ශ්‍රී ලංකාව සහ එහි ජනතාව අතර, විශේෂයෙන් විදේශගතව සිටින ප්‍රජාව  අතර දුරස්ථභාවයක් ඇති කළේ පසුගිය කාලවකවානුවේ ශ්‍රී ලංකාවේ සිදු වූ අමිහිරි සිදුවීම් බව කිව යුතුයි. රටේ සංවර්ධනයට දායක වීමට කැමති නමුත් නිලධාරිවාදී බාධාවන් මෙන්ම ඩයස්පෝරාවේ සිටින අය මුහුණ දෙන අභියෝග පිළිබඳ අප අවධානය යොමු කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමගාමීව ස්ථාපිත කරන ලද විදේශගත ශ්‍රී ලාංකික කටයුතු පිළිබඳ කාර්යාලයේ ( OOSLA)   මූලික අරමුණ වන්නේ  සමස්ත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වන පුළුල් වේදිකාවක්  නිර්මාණය කිරීමයි.

ද්විත්ව පුරවැසිභාවය, විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම සහ ඔවුන්ගේ සබඳතා පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැනි ගැටළු සම්බන්ධයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහාය වීම මෙම කාර්යාලයේ  ප්‍රධාන අරමුණු වෙනවා. මෙහි  ඉලක්කය වන්නේ රටේ සංවර්ධනයට දායක වීම සඳහා සියලුම ශ්‍රී ලාංකිකයන් ඒකරාශී කර ගැනීමයි.

රට තුළ ආයෝජනය කිරීම සඳහා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආකර්ෂණය කර ගැනීමට නම් විනිවිදභාවයකින් යුත් ආකර්ෂණීය පොදු වේදිකාවක අවශ්‍යතාව මෙහිදී අප හඳුනා ගනු ලැබුවා.

ජනතාව මුහුණ දෙන ආර්ථික අභියෝග 2024 අවසන් වන විට හෝ 2025 මුල් භාගය වන විට පහව ගොස් රට ශීඝ්‍ර සංවර්ධනයකට අවතීර්ණ වන බව අපගේ විශ්වාසයි. ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල අවබෝධ කර ගනිමින් සියලුදෙනා ඊට සහාය ලබා දුනහොත් මේ කාර්යය කිසි සේත්ම අපහසු වන්නේ නැහැ. එහිදී රජය සහ ජනතාව අතර නිවැරදි සන්නිවේදනයක් පවත්වාගෙන යාම වඩාත් වැදගත් වෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කළේ සංවර්ධනය කරා යන ගමනේදී ඩයස්පෝරාව සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි.

සංක්‍රමණය වූවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව අදහස් පළ කළ අමාත්‍යවරයා ඔවුන්ට  නැවත සිය මව්බිමට පැමිණීමට අවශ්‍යය පරිසරය නිර්මාණය කළ යුතු බව ද සඳහන් කළේය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලධර්මවලට අනුකූලව ඔවුන්ට ගෞරවය, අභිමානය සහ අයිතිවාසිකම පිළිබඳ හැඟීමක් ලබා දීම වැදගත් බවත් ඒ සඳහා  සාධනීය පියවරක් ලෙස වන්දි ලබා දීම, අතුරුදහන් වූවන් සොයා ගැනීම සහ නඩු පැවරීමේ හැකියාව ඇතුළු සැලකිය යුතු බලතල සහිත සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමේ නව නීතියක් ගෙන එන  බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙහිදී අදහස් දක්වමින්  විදේශගත ශ්‍රී ලාංකික කටයුතු පිළිබඳ කාර්යාලයේ  අධ්‍යක්ෂ ජනරාල් වී. ක්‍රිෂ්ණමූර්ති  සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ  සංකල්පයකට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ කටයුතු පිළිබඳ කාර්යාලය 2023 ජනවාරි මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද බවත් එම ආයතනය ලෝකවාසී ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ගෙන යාමට  දෙසැම්බර්  18 වනදා සුදුසුම දිනය වන බවත්ය.

 විවිධ හේතු මත විදෙස් ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මිලියන 03කට ආසන්න බව සඳහන් කළ ඔහු මෙරට ආර්ථිකයට එම ජනතාවගේ දායකත්වය කොතරම්ද යන්න පසුගිය කාල සීමාවේදී අත්විඳීමට ලැබුණු බවද පැවසීය.

විදේශ රටවල් නියෝජනය කරන තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර  විදේශ ගත ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ මීට සම්බන්ධ වූහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us