නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා රනිල් ! Featured

Published in පුවත්
Wednesday, 20 December 2023 11:32

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසයි.

"එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුවෙලා මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනියන්නේ. ඒ වගේම රටේ ලේසි ගමනක් නෙමෙයි යන්නේ. අඳුරු ගමනක්. එසේ වුවත් යම් විදියේ ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් යනවා. ජනතාවට සම්පූර්ණයෙන්ම සහාය ලැබිලා නැති වුණාට තිබුණ ආගාධයෙන් ගොඩ ඇවිල්ලා මේක සුරක්ෂිත කරලා ඉදිරියට කටයුතු කරන එක තමා අපිට පේන්න තියෙන්නේ. 2024 ජනතාවටත් රටට සුබදායි වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා."

ඔහු පෙන්වා දෙන්නේ සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවය.

"ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමා මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි. නමුත් අමාරු අවස්ථාවක රටක අරාජිකත්වයට නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි."

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us